News Line| Off Air
Generic placeholder image

Dec
16

යටිනුවර ලොකුම විවාහය

482 Views


යටිනුවර ලොකුම විවාහය

එකම පවුලේ අම්මයි තාත්තයි, දුවයි බෑනයි, ආච්චියි සීයයි එකම දවසේ විවාහ වූ පුවතක් යටිනුවර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම සුවිශේෂී විවාහය සංවිධානය කර ඇත්තේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි.

එහිදී මෙතෙක් නීත්‍යානුකූල ලෙස විවාහ නොවී සිටි පවුල් 19කගේ විවාහ ලියාපදිංචිය සිදුකර තිබෙනවා.

නීත්‍යානුකූල ලෙස විවාහ නොවී සිටීම හේතුවෙන් එම පවුල්වල උපදින දරුවන් වෙත උප්පැන්න සහතික නිකුත් කිරීමේදී ඇතිවන ගැටලු, සේවක අර්ථසාධක අරමුදල් ලබාගැනීමේදී ඇතිවන ගැටලු අවම කරගැනීම සඳහා මෙම විවාහය සංවිධානය කර තිබුණි.

එම විවාහයන් සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා සහ යටිනුවර ප්‍රාදේශීය ලේකම්වරයා සාක්ෂි සඳහා අත්සන් කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post