News Line| Off Air
Generic placeholder image

Dec
21

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට විශ්වවිද්‍යාල තහනම් වෙයි

377 Views


ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට විශ්වවිද්‍යාල තහනම් වෙයි

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් සඳහා විශ්වවිද්‍යාල තහනම් කරන බව තලෙබාන් සංවිධානය නිවේදනය කර තිබෙනවා.

එරට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු කාන්තාවන්ට විශ්වවිද්‍යාල තහනම් කරන බවය.

එරට බොහෝ ද්විතීයික පාසල්වලින් කාන්තාවන් ඉවත් කර ඇති අතර මෙම පියවර හරහා විධිමත් අධ්‍යාපනය සඳහා කාන්තාවන්ට ප්‍රවේශය තවදුරටත් සීමා කර තිබේ.

මීට මාස තුනකට පෙර ඇෆ්ගනිස්තානයේ ගැහැනු ළමයින් සහ කාන්තාවන් විශාල පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගවලට පෙනී සිට ඇති බව සඳහන්ය.


News Articles
Latest Videos
Most Popular Post