ග්ලෝකල් ෆෙයා 2023 කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ රැකියා පොළ සහ ජංගම සේවාවේ පළමු අදියර, දේශිය හා ජාත්‍යන්තර ආයතනවල සහභාගීත්වයෙන් ලබන වසරේ පළමු කාර්තුව තුළ යාපන නගරයේ දී පවත්වන බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කරයි.
විදේශගත වීමේදී ණය පහසුකම් ලබා දීම, පුහුණුව ලබා දීම ඇතුළු නොයෙක් ක්ෂේත්‍ර හා මානව සම්පත කළමණාකරණය කිරීම ඇතුළු රැකියා වෙළෙදපොළ සම්බන්ධයෙන් ආරම්භයේ සිට අවසානය දක්වා සියලු ප්‍රශ්නවලට එක තැනකින් විසදුම් ලබා දෙන වැඩපිළිවෙලක් ලෙස ග්ලෝකල් ෆෙයා ලෙසින් ගාල්ලෙන් ආරම්භ වූ මෙම වැඩසටහන මඟින් ඊළග අදියර ග්ලෝකල් ෆෙයා 2023 ආරම්භක වැඩසටහන යාපනය නගරයේ දී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන බව ඔහු පැවසීය.