News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
22

පළාත් කිහිපයකට වැසි

413 Views


පළාත් කිහිපයකට වැසි

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි දින දෙක තුලදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැක. එය වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දිනකිහිපය තුළ ශ්‍රී ලංකාවේ ඊසාන දිග මුහුදු වෙරළ වෙත ළඟා වීමේ හැකියාවක් පවතී.

උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post