පලෙයි ප්රදේශයේදී බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් තුවාළ ලැබූ පිරිසක් රෝහල්ගතකර තිබෙනවා.
ත්රිකුණාමලය සිට මුලතිව් හරහා යාපනය දක්වා ගමන්ගත් ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
අධික වේගය පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් බස් රථය පෙරළී මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.
අනතුරින් තුවාළ ලැබූ 15දෙනෙකුට ආසන්න පිරිසක් යාපනය සහ කිලිනොච්චි රෝහල් වෙත ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.