News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
29

ගුරු මාරු ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

609 Views


ගුරු මාරු ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

2022 වර්ෂය තුළ දී විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථාන වන පාසල්වලින් බැහැරව 2022/ 12/ 31 දින දක්වා වෙනත් පාසල්වලට අනුයුක්ත කර ඇති ගුරු භවතුන්ට, ඉදිරියේ දී මාරු මණ්ඩල මගින් ස්ථාන මාරුවීම් ලබා දෙන තෙක් 2022 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් වන 2023/ 03/ 24 දක්වා එම ගුරු භවතුන්ගේ අනුයුක්තය දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

2022/ 12/ 31 දක්වා අනුයුක්ත ව සිටි එම ගුරු භවතුන් වෙත මේ සම්බන්ධයෙන් නැවත ලිපියක් නිකුත් නොකරන අතර මීට ඉහත ඊට අදාළව නිකුත් කර ඇති ලිපියම 2023/ 03/ 24 දින දක්වා බලාත්මක වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙි.


News Articles
Latest Videos
Most Popular Post