News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
1

මාලිනි විජයවීර මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

1076 Views


මාලිනි විජයවීර මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

සුවිශේෂී ගේයපද රචිකාවියක් වන මාලිනි විජිතා විජයවීර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සී.ටී. ප්‍රනාන්දු ශූරීන්ගේ හඬින් ඔපවත්වූ “මා බාල කාලේ අම්මාගෙ උකුලේ” එම ගේයපද මාලිනි විජිතා විජයවීර මහත්මියගේ ය.

ඇය ඊයේ සිය දිවි ගමනට සමුදී ඇත.

මියයන විට ඇය 89 වන වියේ පසුවූවා.

1991දී ඇගේ “පේ අයියා” යොවුන් නවකථාව විජේවර්ධන සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ප්‍රදීපා ධර්මදාස ශිල්පිනියගේ මියුරු හඬින් ගැයුනු රම්බොඩගල්ලේ බුදුරුව වන්දනා ගීතයද ඇයගේ නිර්මාණයකි.

මාලිනි විජයවීරයන්ගේ අවසන් කටයුතු හෙට (02) සවස 5.00ට ගල්කිස්ස ආදාහනාගාරයේදී සිදුකෙරේ.


News Articles
Latest Videos
Most Popular Post