News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
2

කිඹුල් කටට අත දැමූ කළුතර තරුණයා

732 Views


කිඹුල් කටට අත දැමූ කළුතර තරුණයා

කිසියම් පුද්ගලයෙකු අටවන ලද ඇමක් ගිල දමා මහත් අපහසුවෙන් සිටි අඩි 13 ක් පමණ විශාලත්වයකින් යුත් කිඹුලකුගේ කටට අත දමා එම ඇම ඉවත් කිරීමට කළුතර මොරන්තුඩුව ගෝනදූව කවටයාගොඩ තරුණයකු සමත් වී තිබෙනවා.

ඔහු උදාර සංජීව නමැති හතළිස් හැවිරිදි තිදරු පියෙක්.

කවටයාගොඩ ප්‍රදේශයේ බොල්ගොඩ ගඟේ අතු ඔයක කිසියම් පුද්ගලයකු අටවන ලද ඇමක් ගිලදැමූ කිඹුලා දැඩි වෙහෙසක් දරා ගොඩට ගැනීමට මුලින්ම
ප්‍රදේශවාසීන් කටයුතු කර තිබුණා.

අනතුරුව ආරක්ෂාකාරී අයුරින් කිඹුලාගේ කට විවෘත කර යතුරු පැදි කේබලයක් ආධාරයෙන් අටවා තිබූ ඇම ඉවත් කිරීමට උදාර සංජීවට හැකි වී තිබෙනවා.

ඒ සඳහා ඔහුට විනාඩි 30ක පමණ කාලයක් වැය වූ අතර එහි සිටි සෙසු පුද්ගලයන්ගේ සහාය ද ලැබී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post