News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
6

චීන බැලුනේ සුන්බුන් සොයා මෙහෙයුම්

548 Views


චීන බැලුනේ සුන්බුන් සොයා මෙහෙයුම්

අමෙරිකානු ගුවන් සිමාවේ ඔත්තු බැලූ බවට සැකකළ චීනයට අයත් බැලුනයක් අමෙරිකානු ආරක්ෂක අංශ පසුගියදා පුපුරවා හැරියා.

ඊට අදාලව නිවේදනයක් නිකුත් කරමින් චීන විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ, එම ප්‍රහාරය හෙලා දකින බවයි.

එසේම එය ඔත්තු බැලීමේ යානයක් නොවන අතර කාලගුණ තොරතුරු ලබා ගැනීම සඳහා යොමු කල යානයක් බවයි චීනය පවසා ඇත්තේ.

අදාල බැලුනයේ කාර්මික දෝෂයක් හේතුවෙන් අමෙරිකානු ගුවන් සීමාවට ගසා ගොස් ඇති බවද චීනය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත් විනාශ කිරීම නිසා මුහුදට කඩාවැටුණු සුන්බුන් සොයා එක්සත් ජනපද නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි වර්ත් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post