News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
6

දරුවන් දෙදෙනාව ඝාතනය කළ පියා සියදිවි හානිකර ගනී

683 Views


දරුවන් දෙදෙනාව ඝාතනය කළ පියා සියදිවි හානිකර ගනී

අරණායක ගොඩිගමුව ප්‍රදේශයේ පියෙකු තම දරුවන් දෙදෙනා අමානුෂික ලෙස ඝාතනය කර ඔහුද සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වනවා.

අරණායක ගොඩිගමුව ප්‍රදේශයේ පිහිටි අම්බලමක ඔවුන් මෙලෙස සියදිවි හානි කරගෙන තිබුණේ.

මව සහ පිය අතර ඇති වූ පවුල් ආරවුලක් දුර දිග යාම නිසා, පියා දරුවන් දෙදෙනාත් ඝාතනය කර තමාද සියදිවි හානි කරගෙන ඇති බවටයි මේ වන විට පොලීසිය සක පල කරන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 6ක් පිරිමි දරුවෙකු සහ වයස අවුරුදු 9ක ගැහැණු දරුවෙකුයි.

සියදිවි නසාගත් පියා වයස අවුරුදු 33ක පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.


News Articles
Latest Videos
Most Popular Post