News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
10

ෂේන් වෝන්ගේ අවසන් කැමති පත්‍රය

556 Views


ෂේන් වෝන්ගේ අවසන් කැමති පත්‍රය

දිවියෙන් සමුගත් හිටපු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඔහුගේ වත්කම් ඥාතීන් අතරේ බෙදා දෙන ආකාරය ද එහි සඳහන්ව තිබෙනවා.

මෙහිදී සුපිරි ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත අනුව ඔහුට අයත් ඉඩම් වත්කම් දරුවන් තිදෙනා අතරේ බෙදා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඩොලර් මිලියන 20.7ක් වටිනා ඉඩම් වත්කම් ඔහුගේ දරුවන් අතරේ බෙදාදීමට නියමිතය.

එම වත්කම් අතරින් සියයට 7.5ක ප්‍රමාණයක් සිය සහෝදරයා ඇතුලු ඥාතීන් තිදෙනෙකු වෙත පැවරීමටද සිය අවසන් කැමැත්තේ සඳහන් කර තිබෙනවා.

මේ අතර ෂේන් වෝන්ට අයත් සියලුම රථවාහන ඔහුගේ පුත්‍රයා වෙත පවරාදීමට කටයුතු කර තිබීම ද තවත් විශේෂත්වයකි.

කෙසේ වෙතත් ඔහුගේ හිටපු බිරිඳ වෙත සිය දේපළවලින් කිසිවක් පැවරීමට කටයුතු කර නොතිබීමද විශේෂත්වයකි.


News Articles
Latest Videos
Most Popular Post