News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
10

සුමති සම්මාන රාත්‍රියේදී සියතට සම්මාන

631 Views


සුමති සම්මාන රාත්‍රියේදී සියතට සම්මාන

පුංචි තිරයේ මහා කලා මංගල්‍ය සුමති සම්මාන උළෙල මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

දෙදහස් විස්ස සහ දෙදහස් විසි එක යන වසර දෙකට අදාළ නිර්මාණ මෙහිදී ඇගයීමට ලක් වුණා. රූපවාහිනී නිර්මාණකරණයේ සැබෑ දක්ෂයින් අගයමින් පැවති මෙම සම්මාන රාත්‍රීයේදී සියත tvත් සම්මානයට පාත්‍ර වුණා.

එහිදී දෙදහස් විසි එක වසරේ හොඳම ළමා වැඩසටහනට හිමි සම්මානය දිනා ගන්නට හර්ෂණී බණ්ඩාර නිෂ්පාදනය කළ ”පොඩ්ඩෝ වැඩ්ඩෝ” ළමා වැඩසටහන සමත් වුණා.

දෙදහස් විස්ස වසරේ හොඳම සඟරාමය වැඩසටහනට හිමි සම්මානය දිනා ගන්නටත් සියතට හැකි වුණා. සියත ටීවී ඔස්සේ විකාශය කළ ”රවුම” වැඩසටහන දෙදහස් විස්ස හොඳම සඟරාමය වැඩසටහන ලෙස සම්මානය දිනා ගත්තා.

එසේම දෙදහස් විස්ස සහ දෙදහස් විසි එක යන වසර දෙකේම හොඳම ග්‍රාෆික සජීවකරණයට හිමි සම්මානයත් සියත ටීවී හිමිකරගත්තා.

රූපවාහිනී ක්ෂේත්‍රය තුළ සියත ටීවී නාමය ඉහළටම ඔසවා තැබීමට කැපවූ ජයග්‍රාහකයින් ඇතුළු සියලු දෙනාට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ උණුසුම් සුභ පැතුම්.


News Articles
Latest Videos
Most Popular Post