News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
14

ඩෙංගුවලින් බේරීමට නම්,

1023 Views


ඩෙංගුවලින් බේරීමට නම්,

මෙම කාලවකවානුව වන විට ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළයාමක් පෙන්නුම් කරනවා.

ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් බෝවන රෝගයක් වන අතර ආසාධිත මදුරුවකු වාහකයෙක් ලෙස ක්‍රියා කරයි . මේවා ව්‍යුහයෙන් ඉතා සමාන වූවත් රෝගය බෝ කිරීමේදී වෙනස් වෛරසයන් ක්‍රියා කරයි.

ජනවාරි මාසයේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 4300කට අධිකයි.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

ඩෙංගු අසාදනය නිසා ඇතිවන රෝග තත්වයන් ඉතා විශාල පරාසයක් තුල විහිදෙන අතර සමහර පුද්ගලයන් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්නන අතර තවත් කොටසකට රෝග ලක්ෂණ ඇතිවේ. රෝග ලක්ෂණ සහිත අයගෙන් වැඩි ප්‍රමාණයකට සාමාන්‍ය වෛරස් උණ තත්වය, ඩෙංගු උණ හෝ අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත ඩෙංගු රක්තපාත උණ තත්වයක් ඇතිවිය හැක. ඩෙංගු රෝගය නිසා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත තත්වය වන අතර අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත ඩෙංගු රෝගී තත්වයන් ඉතා කලාතුරකින් ඇතිවේ.

සමහර ඖෂධ පැලෑටි වගාකරලා තියෙන තැන්වලට ඩෙංගු මදුරුවන් පැමිණෙන්නේ නැති බව බටහිර පර්යේෂකින් පවසනවා.

ඒ ආකාරයේ පැල වර්ග 6ක් හඳුනාගෙන තිබෙනවා.

1. පැඟිරි

2. දාස්පෙති

3. සේර

4. මදුරුතලා

5. ලැවැන්ඩර්

6. පෙපර්මින්ට්


News Articles
Latest Videos
Most Popular Post