News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

යුක්‍රේන රුසියා යුධ ගැටුම වසරකට ආසන්නයි

462 Views


යුක්‍රේන රුසියා යුධ ගැටුම වසරකට ආසන්නයි

රුසියාව යුක්‍රේනයට අඛණ්ඩව පහර දෙමින් සිටිනවා.

රුසියාව යුක්‍රේනයේ බක්මුට් වෙත දරුණු ප්‍රහාර එල්ල කරන බවයි වාර්තා වන්නේ.

බක්මුට්හි සිවිල් වැසියන් 70,000 ක් පමණ වාසය කළ අතර මේ වන විට සිවිල් වැසියන් 12,000 ක් පමණ එහි සිටින බවයි බලධාරීන් පවසන්නේ.

දෙරට අතර යුධ ගැටුම ආරම්භ වී දැන් අවුරුද්දකටත් ආසන්නයි.

යුක්‍රේනයේ දහස් ගණනක් දරුවන්ට දෙමව්පියන්ද, දෙමව්පියන්ට දරුවන්ද අහිමි වී තිබෙනවා.

නිසි භාරකාරීත්වයක් නැති දරුවන් 6000 ක් පමණ රුසියාව රඳවා තබා ගෙන සිටින බවට ද වාර්තා වනවා.

ඔවුන්ට දේශපාලනය පිළිබඳ අධ්‍යාපනය මෙන්ම ඇතැම් දරුවන්ට යුධ පුහුණුවද ලබා දෙන බව විදෙස් මාධ්‍යයේ සඳහන්.

මේ අතර අමෙරිකානු ජනාධිපති යුක්‍රේනයට තවත් ඩොලර් බිලියන 10 ක ආධාර ලබා දෙන බව ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post