News Line| Off Air| Games
Generic placeholder image

Feb
16

තුර්කි භූ කම්පනයෙන් පසු බෝවන රෝග ඉහළ යාමේ අවදානමක්

255 Views


තුර්කි භූ කම්පනයෙන් පසු බෝවන රෝග ඉහළ යාමේ අවදානමක්

තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 41,000 ඉක්මවා තිබෙනවා.

භූ කම්පනය සිදුවී පැය 200 ඉක්මවූවද තවමත් සුන් බුන් අතරින් පුද්ගලයින් හමුවන බව විදෙස් මධ්‍යයේ සඳහන්.

කෙසේ වෙතත් ගලවා ගැනීමේ මෙහෙයුම් සිරියාවේ වයඹ දෙසින් අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

ඇතිවූ භූ කම්පනයත් සමඟ විපතට පත්වූ පිරිස් අතර රෝග බෝ වීමේ අවධානම් තත්වයක් පවතින බව ජාත්‍යන්තර සෞඛ්‍ය ආයතන පවසනවා.

පිරිසිදු ජලය නැතිවීමත් සමඟ පුද්ගලයින්ගේ සනීපාරක්ෂාව සම්බන්ධ ගැටළුවලට මුහුණ දීමට සිදුව ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post