පෙර දැනුම්දීමක් සිදු කරන්නේ නැතිවම අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ඊයේ දින යුක්‍රේනයේ සංචාරයක නිරත වුණා.
බයිඩ්න්ගේ මෙම සංචාරය ඊයේ දින විදෙස් මාධ්‍ය රැසකම ප්‍රධාන පුවත බවට පත් වුණා.
රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර වසරක් සම්පූර්ණ වීමට තව ඇත්තේ දින දෙකක් පමණයි.
යුද්ධය ආරම්භ වී වසරක් සම්පූර්ණ වීම පදනම් කරගෙනයි බයිඩ්න් මෙලෙස යුක්‍රේනයේ සංචාරයක නිරත වී ඇත්තේ.
දින 361 පවතින මෙම යුධ ගැටුම තුළ සිදු වූ විශේෂම සිදුවීම බයිඩ්න්ගේ යුක්‍රේන සංචාරය බවයි යුධ විශ්ලේෂකයින් පවසන්නේ.
ඇමෙරිකාව සැමදා යුක්‍රේනය සමඟ සිටින බව බයිඩ්න් සෙලෙන්ස්කිට පොරොන්දු වී තිබෙනවා.
යුක්‍රේනයේ සංචාරය නිම කළ බයිඩ්න් මේ වන විට පෝලන්තයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ දින තුනක සංචාරයක් සඳහායි.
බයිඩ්න්ගේ යුක්‍රේන සංචාරයෙන් පසු පුටීන්ගේ ප්‍රතිචාරය කෙබඳු වේවිද?
ලෝකයම ඒ පිළිබඳව විමසිල්ලෙන්.