News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
21

සුනඛයන් යටකර පළාගිය කාන්තාව අත්අඩංගුවට

800 Views


සුනඛයන් යටකර පළාගිය කාන්තාව අත්අඩංගුවට

කුඩා සුනඛයින් දෙදෙනෙකු යටකර පළායන මෝටර් රථයක CCTV දර්ශන පෙළක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සත්ත්ව සංවිධාන කිහිපයක් එක්ව සිදුකළ පැමිණිල්ලකට අනුව මතුරට පොලීසිය විසින් අදාළ මෝටර් රථය පැදවූ බවට පැවසෙන කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර තිබේ.

සැකකාර කාන්තාව අධිකරණයේදී තමන් සිදුකළ වරද පිළිගෙන ඇති අතර එම නඩුව යළි ජුනි මස 01 වනදා කැඳවීමට නියමිතය.


News Articles
Latest Videos
Most Popular Post