News Line| Off Air| Games
Generic placeholder image

Feb
24

රාත්‍රී නින්දට පෙර නොකළ යුතු දේවල් ගැන ඔබ දැනුවත්ද?

371 Views


රාත්‍රී නින්දට පෙර නොකළ යුතු දේවල් ගැන ඔබ දැනුවත්ද?

සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරීමට සමබල ආහාර රටාවක්, ක්‍රියාශීලී දිවිපෙවෙතක් මෙන් ම රාත්‍රියේ සුව නින්දක් ද ඉතාම අත්‍යාවශ්‍ය කරුණක්. එය ඔබේ මොළයේ ක්‍රියාකාරිත්වයට, මානසික තත්ත්වයට මෙන් ම හෝමෝන ක්‍රියාකාරිත්වයට ද බලපාන කරුණක්. සුව නින්දක් ලැබීමට බාධාවන නිසා නින්දට පෙර නොකළ යුතුම දේවල් කිහිපයක් පිලිබඳවයි අද අපි ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ.

නිදාගැනීමට පැයකටවත් පෙර ඩිජිටල් ස්ක්‍රීන්වලින් ඉවත් වන්න

ඩිජිටල් ස්ක්‍රීන්වල Blue light මගින් ඔබව අවදිව තබන්නට හැකියාව ලැබෙනවා. ටීවී, මොබයිල් ෆෝන්, ලැප්ටොප් වලින් පැයකටවත් කලින් දෑස් ඉවත් කර ගතයුතු වන්නේ ඒ නිසා.

සමාජ ජාලාවලට ඇති ඇබ්බැහි වීමත් එක්ක බොහෝ දෙනෙක් නින්දට පෙර ඇඳේ ඉඳගෙනත් දුරකථනය පරීක්ෂා කරනවා. රාත්‍රී නින්දට කලින් කළුවරේ දුරකථනය පරික්ෂා කිරීම නිසා ඔබේ නින්දට බාධා ඇති වෙනවා. දුරකතනයේ ආලෝකය ඔබේ මොලයේ ක්‍රියාකාරිත්වය වෙනස් කරවනවා. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ වෙලාවක් ගත වන තුරු නිදි මත ලඟා වෙන්නේ නැහැ.

නින්දට පෙර බර ආහාර ලබා නොගැනීම 

බර, කැලරි වැඩි ආහාර ලබා ගැනීමත් ඔබේ සුව නින්දට බාධා ඇති කරනවා. රාත්‍රියට තැම්බූ එළවලු සහ පලතුරු ආහාරයට ගත හැකියි නම් මේ ගැටලුව බොහෝ දුරට අඩු වෙනවා. ඒවායේ ඇති තන්තු ස්වභාවය ඔබේ සුව නින්දට මඟ පාදනවා. 

නින්දට පෙර ව්‍යායාම් කිරීමෙන් වළකින්න

රාත්‍රී කාලයේ cardio වැනි ශක්තිය වඩවන ක්‍රියාකාරකම් කිරීම ඔබේ නින්දට බාධා ඇති කරනවා. එවැනි ව්‍යායාම් උදේ වරුවේ කිරීමෙන් ඔබට උදේ වරුව ප්‍රබෝධමත් ව ගත කරන්නටත් පුලුවන්. රාත්‍රී කාලයේ වඩාත් ගැළපෙන්නේ යෝගා වැනි ඔබව relax කරනා දේවල්.

කැෆේන් අඩංගු ආහාර පානයන් භාවිතා කිරීමෙන් වළකින්න

නින්දට යාමට ආසන්න වන විට කැෆේන් අඩංගු දේවල් වන කෝපි, තේ, චොක්ලට් වැනි දේ ශරීරයට එකතු වීම එතරම් සුදුසු නෑ. කැෆේන්වලට ඔබව ප්‍රබෝධමත් කිරීමේ හැකියාව තිබෙනවා. නින්දට යන්නට ආසන්න විට කැෆේන් අඩංගු ආහාර ගැනීමෙන් නින්දට බාධා ඇතිවන්නට පුළුවන්. ඔබට නින්දට පෙර කුසගිනි හෝ පිපාසයක් දැනෙනවා නම් තේ, කෝපි, මයිලෝ, නෙස්කැෆේ එකතු නොකළ උණුසුම් කිරි වීදුරුවක් පානය කිරීමට හැකියි.

නින්දට ගිය පසුව වෙලාව පිරික්සීමෙන් වලකින්න

ඇතැම් විට ඇඳට ගිය විගස ඔබ වෙත නින්ද ලඟා වන්නේ නැහැ. එවැනි අවස්තාවකදී දුරකථනය හෝ ඔරලෝසුව පරීක්ෂා කරමින් වෙලාව පිරික්සීම හොඳ පුරුද්දක් නෙවෙයි. ඔබට නිදා ගැනීමට ඇති කාලවේලාව අඩු වන බව දැනීම ඔබට අමතර ආතතියක් ඇති කරවනවා. මේ නිසා වෙලාව බැලීමෙන් වලකින්න.

දවසේ වෙහෙස දුරලන රාත්‍රී නින්ද ඉතා වැදගත්. මේ වැදගත් නින්දට වැරදි පුරුදු නිසා හානි ඇති වෙනවා. මේ නිසා මෙම පුරුදුවල නින්දට පෙර නිරත වීමෙන් වළකින්න. එමගින් සුවබර නින්දකට හිමිකම් කියන්නටත් ප්‍රබෝධමත්ව අවදි වන්නටත් ඔබට අවස්ථාව තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post