News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
24

රුසියා යුක්‍රේන යුධ ගැටුමට අදට අවුරුද්දයි

563 Views


රුසියා යුක්‍රේන යුධ ගැටුමට අදට අවුරුද්දයි

සියත ප්‍රවෘත්ති විදෙස් පුවත් අද විශේෂිත මං සලකුණක් සටහන් කළා.

ඒ වසරක කාලයක් පුරා අඛණ්ඩව රුසියා යුක්‍රේන යුද්ධය පිලිබඳ තොරතුරු වාර්තා කරමින්.

අදට රුසියානු යුක්‍රේන යුධ ගැටුමට වසරක් සපිරෙනවා.

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය ආරම්භ වූ පසුගිය වසරේ පෙබරවාරි 24 වනදා සිට මේ දක්වාම එම යුද්ධය පිළිබඳව තොරතුරු අප වාර්තා කරමින් සිටිනවා.

විශේෂයෙන්ම යුක්‍රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි අද වන විට ක්‍රියාත්මක වෙමින් සිටින්නේ බටහිර රටවලට අවශ්‍ය පරිදියි.

රුසියාවත් වර්තමාන බල අරගලය සඳහා යුක්රේනය ආක්‍රමණය කළ බව ඉතා පැහැදිලියි.

සෙලෙන්ස්කිගේ නේටෝ සිහිනය හරහා බටහිරින් තමන්ට බරපතළ තර්ජනයක් එල්ල විය හැකි බව පුටින් විශ්වාස කරනවා.

එය පදනම් කරගෙනයි පුටින් මෙම ආක්‍රමණය සඳහා පියවර ගත්තේ.

කෙසේ නමුත් පුටින් තනි පුද්ගලයෙකු ලෙස එක පැත්තකින් ඒ තීන්දුුව ගනිද්දී සෙලෙන්ස්කි බටහිරත් එක්ක එකතුවෙලා ගත්ත තීන්දුවත් එක්ක මේ වන විට ඇත්තටම කුමක්ද සිදු වෙමින් තිබෙන්නේ.

ඒ තමයි මේ නායකයින් දෙදෙනාම කඳවුරු දෙකක සිට අවසානයේ බිල්ලට දෙමින් සිටින්නේ කිසිසේත්ම යුධවාදී නොවන,බලවාදී නොවන ජනතාවයි.


News Articles
Latest Videos
Most Popular Post