News Line| Off Air
Generic placeholder image

Mar
8

ජාත්‍යන්තර කාන්තා දිනය අද

550 Views


ජාත්‍යන්තර කාන්තා දිනය අද

ජාත්‍යන්තර කාන්තා දිනය අදට(මාර්තු 08) යෙදී ඇති අතර සෑම වසරකම මාර්තු මස 8 වන දිනට එම දිනය මුල් ගනිමින් ලෝකය පුරා වෙසෙන කාන්තාවන්ගේ උන්නතිය උදෙසා මෙවරද වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙවර ලෝක කාන්තා දිනයේ තේමාව වන්නේ “ඇය දැයේ අභිමානයයි” යන්න වන අතර කාන්තාවට හිමිවන සමාන අවස්ථා ප්‍රමාණවත් නොවන්නේ ඇයි යනුවෙන් කථිකාවක් ලෝකය තුළ ඇතිකිරීමට නියමිතය.

කාන්තා අයිතිවාසිකම් ව්‍යාපාරය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතා ගැටළු, විවිධ ක්ෂේත්‍රවල කාන්තා ජයග්‍රහණ සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ අපයෝජනයන් කෙරෙහි මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සිය අවධානය යොමු කරයි.

එම දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර කාන්තා දිනය එක් දිනකට පමණක් සීමා නොකර, නව නීති රීති, ප්‍රතිපත්ති සම්පාදනය හා පවුල් මට්ටමින් කාන්තා ජීවිත ගොඩනැගීමේ නව ක්‍රියාදාමයන් රැසක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය අපේක්ෂා කරයි.


News Articles
Latest Videos
Most Popular Post