News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
8

සුළි කුණාටුවක් ගැන දැනුම්දීමක්

970 Views


සුළි කුණාටුවක් ගැන දැනුම්දීමක්

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.

එම නිවේදනය අද (08) පස්වරු 3 දක්වා බලපැවැත්වේ.

මේ වනවිට ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයේ කැලඹිලි ස්වභාවය වර්ධනය වී ඇත.

එම තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී අඩු පීඩන කලාපයක් දක්වාත් පසුව සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම නිසා උතුරු අක්ෂාංශ 5 – 10ත් අතර, නැගෙනහිර දේශාංශ 90 – 100ත් අතර සහ උතුරු අක්ෂාංශ 1 – 4ත් සහ නැගෙනහිර දේශාංශ 85 – 92ත් අතර මුහුදු ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේ දී යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී ඇත.

ඒ අනුව එම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.


News Articles
Latest Videos
Most Popular Post