News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
7

ලෝක ආහාර සුරක්ෂිතතා දිනය අදයි

823 Views


ලෝක ආහාර සුරක්ෂිතතා දිනය අදයි

ලෝක ආහාර සුරක්ෂිතතා දිනය අද (07) දිනට යෙදී ඇති බව වාර්තා වේ.

“ආහාර ප්‍රමිතීන්,ජීවිත සුරකී ” යන්න මෙවර එහි තේමාව වේ.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා පද්ධතියක් පිහිටුවීමට යුරෝ මිලියන 6.5 ක ව්‍යාපෘතියක් අරඹා රජයට සහාය දැක්වීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බව වාර්තා වේ.

ලෝක ආහාර සුරක්‍ෂිතතා දිනය සෑම වසරකම ජුනි 7 දින සමරනු ලබයි. ආහාර මගින් ඇති විය හැකි අවදානම් වැළැක්වීම, හඳුනා ගැනීම සහ කළමනාකරණය කිරීම සහ ආහාර සුරක්‍ෂිතතාව, මානව සෞඛ්‍ය, ආර්ථික යහපැවැත්ම, කෘෂිකර්මාන්තය, වෙළෙඳපොළ ප්‍රවේශය, සංචාරක ව්‍යාපාරය සහ තිරසාර සංවර්‍ධනය සඳහා දායක වීම කෙරෙහි අවධානය යොමු කිරීම ලෝක ආහාර සුරක්‍ෂිතතා දිනයේ අරමුණයි.


News Articles
Latest Videos
Most Popular Post