News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
13

එළොව ගිහින් මෙළොව ආපු ආච්චි

1210 Views


එළොව ගිහින් මෙළොව ආපු ආච්චි

76 හැවිරිදි බෙලා මොන්ටෝයා නම් කාන්තාව හෘදයාබාධයක් හේතුවෙන් රෝහලකට ඇතුළත් කර ඇති අතර පසුව ඇය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් තහවුරු කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඇයගේ පුත්‍රයා විසින් ඇයගේ අවමංගල්‍ය කටයුතු සූදානම් කර භූමදානයට පෙර ඇඳුම් මාරුකිරීමට සූදානම් වන අවස්ථාවේ අදාළ කාන්තාව ගැඹුරින් හුස්ම හෙළන ශබ්දය ඇසී තිබෙනවා.

ඒ අනුව ඥාතීන් විසින් සිදුකළ පරීක්ෂාවේදී අදාළ කාන්තාව මියගොස් නොමැති බවට අනාවරණය වී තිබෙනවා.

මේ වන විට එම කාන්තාව කලින් ප්‍රතිකාර ලබාසිටි රෝහලේම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

එම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post