News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
29

ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් ගොඩගනී – මිනිස් අස්ථි කොටස් ඇති බවට අනුමානයක් (ඡායාරූප)

880 Views


ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් ගොඩගනී – මිනිස් අස්ථි කොටස් ඇති බවට අනුමානයක් (ඡායාරූප)

ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් ගොඩබිමට රැගෙන ආ බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසනවා.

එම කොටස් කැනඩාවේ නිව් ෆවුන්ඩ්ලන්ඩ් වෙත රැගෙන ආ බවයි වාර්තා වන්නේ.

එම සුන්බුන් අතර මියගිය අයගේ ජෛව සාම්පල කොටස් ඇති බවට අනුමාන කෙරෙන බව පර්යේෂකයින් පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විධිමත් විශ්ලේෂණයක් ඉදිරියේදී අමෙරිකානු වෛද්‍ය පර්යේෂකයින් සිදුකරන බව අමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් නැරඹීමට පුද්ගලයින් 5 දෙනෙකු පසුගිය 18 වනදා අත්ලාන්තික් සාගර පතුලට ගමන් කර තිබුණා.

ගමන ආරම්භ කර පැය 2 කට ආසන්න කාලයකදී සබ්මැරීනය නෞකාව සමඟ තිබූ සබඳතාවය බිඳ වැටුණා.

පසුව දින 5ක් පුරා සිදුකළ මෙහෙයුම්වලදී එය පුපුරා ගොස් විනාශ වී ඇති බවට තහවුරු වුණා.

ඉන් පුද්ගලයින් 5 දෙනාම ක්ෂණික මරණයකට පත්වූ බව තීරණය කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post