News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

මහ බැංකුව පොලී අනුපාත අඩුකරයි

865 Views


මහ බැංකුව පොලී අනුපාත අඩුකරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහි ‍ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩුකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 11ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 12ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇත.

ඊයේ (05) රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇත.

මේ අතර මැයි 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික වාර්තාගත ලෙස පහත දැමීමට තීරණය කර තිබුණු අතර එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 13.00 සහ සියයට 14.00 දක්වා පදනම් අංක 250කින් අඩුකර තිබුණි.


News Articles
Latest Videos
Most Popular Post