News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
17

ශරීරයෙන් වෙන් වූ හිසක් යළි බද්ධ කළ විශ්මිත සැත්කමක්

1423 Views


ශරීරයෙන් වෙන් වූ හිසක් යළි බද්ධ කළ විශ්මිත සැත්කමක්

ශරීර අභ්‍යන්තරයෙන් වෙන් වූ හිසක් යළි බද්ධ කල අතිශය විශ්මිත සැත්කමක් පිළිබඳව ඊශ්‍රායලයෙන් වාර්තා වනවා.

බයිසිකලය පදිමින් සිටි 12 හැවිරිදි පිරිමි දරුවකු මෝටර් රථයක ගැටී තිබෙනවා.

එම අනතුරින් දරුවාගේ හිස ශරීර අභ්‍යන්තරයෙන් වෙන් වූ බවයි වාර්තා වන්නේ.

සැනකින් දරුවා ගුවන් මගින් රෝහල් ගත කර තිබෙනවා.

දරුවා බේරා ගැනීම සඳහා අති විශේෂ සැත්කමක් සිදුකර ඇති අතර විවිධ උපකරණ යොදාගනිමින් දරුවාගේ හිස නැවත සම්බන්ධ කිරීමට ස්නායු විකලාංග ඇතුලු ශල්‍ය වෛද්‍යවරු කණ්ඩායමක් එක්ව ක්‍රියා කර තිබෙනවා.

මෙවන් සැත්කමකින් යළි ජීවිතය ගලවා ගැනීමට ඇති සම්භාවිතාවය 50%ක් පමණ වනවා.

වෘත්තීය භාවය හා තාක්ෂණය එක්ව සිදුකළ මේ විශ්මිත සැත්කම නිසා දරුවා සුවය ලබමින් සිටින බවයි ඊශ්‍රායලයෙන් වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post