News Line| Off Air| Games
Generic placeholder image

Jul
27

කාවිංග පෙරේරා ආදරය ගැන කියූ දේ

286 Views


කාවිංග පෙරේරා ආදරය ගැන කියූ දේ

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම නිවේදක ශිල්පියෙක් ලෙස කටයුතු කරන දක්ෂ චරිතයක් තමයි කාවිංග පෙරේරා කියන්නේ.

ඔහු මෑතකදී පුවත්පත් සාකච්ඡාවයට පැමිණ ප්‍රේමය ගැන කියා තිබුණේ මෙවන් දෙයක්,

“ආදරය ගැන එක එක්කෙනාට වෙනස් විදිවලට නිර්වචනය කරන්න පුළුවන්. සමහර අයට ආදරය සුන්දර වෙන්න පුළුවන්. තව සමහර අයට ආදරය වේදනාවක් වෙන්න පුළුවන්. මම හිතන්නේ ආදරය කියන්නේ සම්පූර්ණයෙන්ම පරිත්‍යාගයක්, කැපවීමක්. අපි අපේ දේවල්වලට වඩා ආදරය කරන කෙනාගේ දේවල්වලට මූලිකත්වය දීම තමයි මම දකින්නේ. එදිරිවීර සරත්චන්ද්‍ර මහත්තයත් කියලා තියනවා නේ

“ප්‍රේමය අසනීය කුසුමක් වේ
රිසි වූ කෙනෙකුට පුජා කරනට
ලෝබ සිතින් තොර පිදුම මනා වේ
පෙරළා ලබනට නොතකා බිඳකුත්“

කියලා.. ඒ කියන්නේ ආදරය හරිම සුන්දර දෙයක්. එකිනෙකා අතර ගලපා ගැනීම සහ අනෙක් කෙනාගේ හැඟීම්වලට අදහස් වලට ගරු කිරීම තමයි මම නම් ආදරය කියලා හිතන්නේ. මට මෙහෙමත් හිතෙනවා. කෙනෙකුට ආදරය කරනවා නම් එයාව හිර කරගන්නේ නැතිව අතහැරලා දාන්න ඕනේ. එයාට නිදහස ලබා දෙන්න ඕනේ. සමහරු කියයි මේක අමාරු වැඩක් කියලා. ඔව් ඒක ලේසි නෑ. අමාරු වැඩක්. නමුත් එහෙම කළාම තමයි දැනගන්න පුළුවන් වෙන්නේ ඒ කෙනා තමන්‍ට ආදරෙයිද කියලා. ආදරේ නම් ඉඳියි.. නැත්නම් යයි.”


News Articles
Latest Videos
Most Popular Post