News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
7

පුහුණු ගුවන් යානයක් කඩා වැටෙයි

847 Views


පුහුණු ගුවන් යානයක් කඩා වැටෙයි

ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ගුවන් හමුදා චීනවරාය කදවුරු ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරිම සදහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

අද (07) පෙරවරු 11. 27 ට පමණ ගුවන් හමුදා චීනවරාය කදවුරු ප්‍රදේශයේ දී අනතුරට ලක්වි ඇති අතර, ගුවන් යානයේ ගමන්ගත් නිළධාරින් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් අනතුර පිළිබද විමර්ශනය කිරිම සදහා විශේෂ පරික්ෂණ කමිටුවක් ද පත්කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post