අපේ රටේ මෑත කාලයේදී ජනප්‍රිය වුණත් වෙනත් රටවල නම් වසර සිය ගණනක සිට ඖෂධයක් ලෙස නිල් කටරොළු භාවිතා වෙනවා. ඉංග්‍රීසි භාෂාවේ Butterfly Pea ලෙස හඳුන්වන මෙය ආයුර්වේද විද්‍යාවේ ඉතා ගුණදායක ඔසුවක් ලෙස සැළකෙනවා.
ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වන මෙමඟින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ බොහෝයි.
නිල් කටරොළු වල ඇති ගුණ
කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇදුම වැනි රෝග සඳහා කටරොළු මුල් වියළා කුඩු කර දවසට ග්‍රෑම් 2ක ප්‍රමාණයක් උණුවතුරට දමා තම්බා වේල් කීපයක් පානය කිරීම ගුණදායකය.
කටරොළු මුල් වේළා දුම ඇල්ලීමෙන්ද, කටරොළු ශාකයේ මුල්, පත්‍ර, මල් සියල්ලම තම්බා කසායක් ලෙස සකස් කර පානය කිරීමෙන් ද සෙම රෝග නිට්ටාවට සුව කර ගැනීමේ හැකියාව ඇත.
කටරොළු මුලෙන් සාදා ගත් කසාය කෘමි සතුන්, සර්පයන් දෂ්ට කළ විටදී පානය කිරීමෙන් විෂ නැසීමේ ගුණය ඇත.
අර්ශස් රෝගීන්ගේ රුධිර ගැලීමේ දී හා අර්ශස් ගෙඩිවලට කටරොළු ශාකය ගලේ අඹරා තලපයක් සාදා ආලේප කිරීමෙන් සුවකර ගත හැකිය.
තද හිසේ කැක්කුමකදී කටරොළු කොළ මිටක් ගෙන තළා එයින් යුෂ බින්දු දෙකක් පමණ නහයෙන් ඉහළට ඇදීමෙන් ක්ෂණිකව හිසේ කැක්කුම සුව කරගත හැකිය.
ගර්භාෂ රෝගවලට වගේම ආර්තව වේදනාවට ඉක්මන් සහනයක් ලබා ගැනීමට නිල් කටරොළු මල් කසාය ගුණය.
නිල් කටරොළු බීම
අවශ්‍ය ද්‍රව්‍ය –
උතුරන වතුර වීදුරුවකට නිල් කටරොළු මල් දමා මිශ්‍ර කර විනාඩි පහක් දහයක් පමණ තැම්බෙන්න හරින්න. එය නිල් පාට වී තිබෙන අයුරු ඔබට දැක ගත හැකිය. නිල්කටරොළු මල් තැම්බූ වතුර පෙරා එයට සීනි, ලුණු, හා දෙහි ස්වල්පයක් එකතු කර මිශ්‍ර කර ගන්න.
නිල් කටරොළු තේ
අවශ්‍ය ද්‍රව්‍ය –
මුලින්ම නිල් කටරොළු මල් හොඳින් සෝදා පිරිසිදු කරගන්න. ඉන්පසුව උතුරවා ගත් ජලය කෝප්පයකට නිල් කටරොළු මල් එකතු කර විනාඩි කිහිපයක් වසා තබන්න. ඉන්පසු කටරොළු මල් ඉවත් කර හෝ පෙරා මී පැණි එකතු කර පානය කරන්න.
නිල් කටරොළු තේ පානය මගින් සැලසෙන සෞඛ්‍යමය වාසි
නිල් කටරොළු කැඳ
අවශ්‍ය ද්‍රව්‍ය –
සෝදා ගත් හාල් දියකිරෙන් ලිපේ තබන්න. බත තැම්බුණ පසු එයට සුදු ළුෑනු හා රතු ළුෑනු දමා නැවත මඳ වේලාවක් තැම්බෙන්න තබා පොල්කටු හැන්දෙන් බත පොඩි කර මිටිකිරි හා නිල් කටරොළු යුෂ දමා රස අනුව ලුණු එකතු කරගන්න. මිටිකිරි උතුරන විට ලිපෙන් බාගන්න.
නිල් කටරොළු කියන්නේ දියවැඩියාවට හොඳ ඔසුවක් කිව්වොත් නිවැරදියි. එය රුධිරය නියාමනය කරනවා. ඒ වගේම මෙමගින් ආහාරවල අතිරික්ත ග්ලුකෝස් ශරීරයට අවශෝෂණය වීම වළක්වා රුධිරයේ ඇති සීනි මට්ටම පාලනය කරනවා.
අපේ රටේ බොහෝ ප්‍රදේශවල දකින්නට පුළුවන් වගේම ඉතා පහසුවෙන් සොයාගන්නට පුළුවන් මෙම නිල් කටරොළු ඔබට සෞඛ්‍යමය වාසි ලබා දෙන නිසා මෙය මේ දේවල් ඔබට සකසා ගැනීමට අපහසු නොවේවී.