News Line| Off Air| Games
Generic placeholder image

Aug
24

චන්ද්‍රයාන් 3 සාර්ථකව සඳ මතට

455 Views


චන්ද්‍රයාන් 3 සාර්ථකව සඳ මතට

ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 යානයේ වික්‍රම් ලෑන්ඩරය සැලසුම් කල පරිදි ඊයේ (23) සවස 6.4ට සාර්ථකව සඳට ගොඩබැසීම සිදුකළා.

මේ වන විට එහි රෝවරය සඳ මත පළමු පියවර තබා ඇති අතර සඳ මත ඇවිද ගිය බවයි ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ.

එසේම එය සඳේ ඇති පාෂාණ සහ ආවාට වටා සැරිසරමින් විශ්ලේෂණය සඳහා දත්ත සහ පින්තූර රැස් කරන බවද වාර්තා වනවා.

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය පවසා ඇත්තේ රෝවරය තත්පරයට සෙ.මී. 1 ක වේගයෙන් චලනය වන බවයි.

සද මත දිනක් යනු පෘථිවියේ දින 28කට සමාන වන බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් සඳෙහි දකුණු ධ්‍රැවයට අභ්‍යවකාශ යානයක් යොමු කල පළමු රට ලෙස ඉන්දියාව ඉතිහාස ගත වනවා.


News Articles
Latest Videos
Most Popular Post