News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
25

ට්‍රම්ප්ගේ මග් ෂොට් එක ඉතිහාස ගතවෙයි

969 Views


ට්‍රම්ප්ගේ මග් ෂොට් එක ඉතිහාස ගතවෙයි


අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇට්ලන්ටාහි පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබූ ට්‍රම්ප් ඩොලර් ලක්ෂ 2 ක (200,000) ඇප බැදුම්කරයක් මත නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

2020 වසරේ මැතිවරණ ප්‍රතිඵලයන් වෙනස් කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුලු තවත් 18 දෙනෙකුට වෝදනා එල්ල වී තිබුණා.

ඇට්ලන්ටාහි ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් විනාඩි 30කටත් අඩු කාලයක් රදවාගෙන සිටි බවයි තොරතුරු වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් ට්‍රම්ප්ගේ උඩුකය ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් කෙරුණා.

මෙම ඡායාරූපයෙන් දැක්වෙනුයේ අපරාධ චෝදනාවට ලක් වූ අයෙක් අත්අඩංගුවට ගත් බවයි.

මෙය මග් ෂොට් ලෙස හදුන්වනවා.

අමෙරිකානු ඉතිහාසයේ මග් ෂොට් එකට හිමිකම් කියන පළමු ජනාධිපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම නඩුව හදුන්වා ඇත්තේ “යුක්තියේ සරදමක්” ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post