News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
28

ප්‍රංශයේ පාසල්වල අබායා ඇඳීම තහනම් වෙයි

981 Views


ප්‍රංශයේ පාසල්වල අබායා ඇඳීම තහනම් වෙයි

ප්‍රංශයේ රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන මුස්ලිම් සිසුවියන්ට අබායා ඇඳීම තහනම් කර තිබෙනවා.

මෙම පියවර ගෙන ඇත්තේ ප්‍රංශ පාසල්වල අබායා පැළදීම සම්බන්ධයෙන් මාස ගණනාවක් සිදුකළ විවාදයකින් අනතුරුවයි. අබායා යනු මුස්ලිම් කාන්තාවන් අඳින දිග ගවුමයි.

සැප්තැම්බර් 04 වන දා ආරම්භ වන නව පාසල් වරායත් සමඟ වහාම මෙම නීතිය ක්‍රියාත්මක කරන බව එරට අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

2004 වසරේ සිට ප්‍රංශයේ රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන මුස්ලිම් සිසුවියන් පළදින හිජාබ් නම් හිස් ආවරණය තහනම් කර තිබුණා.

2010 වර්ෂයේදී මුහුණු ආවරණය තහනම් කිරීමට ප්‍රංශ අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය ගේබ්‍රියෙල් ඇටල් පවසා ඇත්තේ පන්ති කාමරයේ දී සිසුන් දෙස බලා ඔවුන්ගේ ආගම හඳුනා ගැනීමට නොහැකි විය යුතු බවයි.


News Articles
Latest Videos
Most Popular Post