News Line| Off Air| Games
Generic placeholder image

Sep
6

ධනාට ලැබුණු ආදරණීය සුබ පැතුම

424 Views


ධනාට ලැබුණු ආදරණීය සුබ පැතුම

ධනංජය ද සිල්වා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩකයෙක්.

ඔහුගේ දක්ෂතා නිසාම ක්‍රිකට් ක්‍රීඩාවට ආදර‌ය කරන ලොකු කුඩා සියළුදෙනා ඔහු‌ට ඉතා ආදරය කරනවා. ඒ වගේම ඔහු මෙරට පමණක් නෙවෙයි වෙනත් රටවල ක්‍රිකට් රසිකයන් අතරත් ඉතා ජනප්‍රියයි.

අද ධනාට විශේෂ දවසක්. ඒ ඔහු අද උපන්දිනය සමරනවා.

උපන්දිනය වෙනුවෙන් ඔහුට ලැබෙන සුබ පැතුම් අතර ටිකක් විශේෂ හා ආදරණීය උපන්දින සුබ පැතුමක් අපේ නෙත ගැටුණා. ‍

ඒ ඔහුගේ ආදරණීය බිරිඳ හා පුංචි දියණිය සමාජ මාධ්‍යයට එක් කළ උපන්දින සුබ පැතුම් වීඩියෝවක්.

ඒ වගේම ක්‍රිකට් ලෝකයේ බොහෝ දෙනෙක් ඔහුට උපන්දින සුබ පැතුම් එක් කර තිබුණා.

සියත 24 අපිත් ඔහුට සුබ උපන් දිනයක් කියලා සුබ පතනවා.


News Articles
Latest Videos
Most Popular Post