රොටුඹ පොලිස් වසමේ දන්ලන්දහේන ප්‍රදේශයේ නිවසක කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු වැටී සිටින බවට රොටුඹ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
තුවාලකරු කඩිනමින් ඌරු බොක්ක රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ තුවාලකරු මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 39ක් වූ පොතුවිල, කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අදාළ පුද්ගලයා දන්ලන්දහේන ප්‍රදේශයේ තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු ඊයේ (05) උදෑසන එම තරුණියගේ නිවසට ගොස් ඇති අතර එම අවස්ථාවේ අදාල තරුණියගේ නිවැසියන් සමඟ ඇති කරගත් ආරවුලක් හේතුවෙන් තරුණියගේ පියා සහ සහෝදරයා විසින් පිහියකින් හා උදැල්ලකින් සිදුකළ පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධව එම තරුණියගේ වයස අවුරුදු 64 ක් වන පියා හා වයස අවුරුදු 19 ක් වන ඇයගේ සහෝදරයා රොටුඹ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.