News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
7

පියා දියණිය සමග දුම්රියට පනී

2064 Views


පියා දියණිය සමග දුම්රියට පනී

කන්තලේ පොලිස් වසමේ රජ ඇල ප්‍රදේශයේ දී ඊයේ (06) ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියට පුද්ගලයෙකු තම දියණිය සමඟ පැන සියදිවි හානි කර ගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 38 ක් වූ පේරාරු, කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මියගිය දියණියට වයස අවුරුදු 06 ක්.

මෙම පුද්ගලයාගේ බිරිඳ විදේශ රටක රැකියාවට ගොස් ඇති අතර, බිරිඳ අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවට දැන ගැනීමෙන් පසු ඇති වූ සිත් තැවුලක් හේතුවෙන් මෙලෙස දියණිය සමඟ සිය දිවි හානි කරගෙන ඇති බවට පොලිසිය කළ විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post