News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
12

උදයන්ති මහණ වෙලාද?

1029 Views


උදයන්ති මහණ වෙලාද?

සිනමාවේ හා ටෙලි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි උදයන්ති කුලතුංග කියන්නේ.

කෙටි කාලයක් ඇය නිර්මාණ තුළින් දකින්නට නොලැබුණත් දැන් ඇය නැවතත් කලාවට අවතීර්ණ වී සිටිනවා.

ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය පැවදි වී සිටින ආකාරයේ ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. ඇය එම ඡායාරූප එක් කර තිබුණේ සංවේදී සටහනක්ද සමගින්.

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,

ඔබත් මමත් ජීවත් වන්නේ තමන් තුළ පවතින අඩුපාඩු වසන් කර ගැනීම සඳහා අනෙකාගෙ අඩුපාඩු උලුප්පා දක්වන අධර්මිෂ්ඨ සමාජයක් තුළය.

සියල්ල ඇතිවීම, පැවතීම සහ නැතිවීම යන කාල පරිච්ඡේදයන් පිලිබදව නිවැරදි අවබෝධයෙන් තොරව , ආධ්‍යාත්මික සුවය පසෙකලා ලෞකික සැප සම්පත් වෙත උමතුවෙන් ලුහුබඳින සියලු දෙනා වෙත වැඩි කල් නොගොස් නිවැරදි සත්‍යය අවබෝධ වේවා.

අවසානයේ සියල්ල තීරණය වන්නේ ලොව්තුරා අමා මහ බුදු පියාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ දේශනාවට අනුවය


News Articles
Latest Videos
Most Popular Post