කලා ලෝකයේ සිටින දක්ෂ සහ ජනප්‍රිය රංගන ශිල්පී යුවලක් තමයි චතුරිකා පීරිස් සහ ගයාන් වික්‍රමතිලක කියන්නේ.
ඔවුන් දෙදෙනාගේ ආදරණීය දියණිය තමයි ආරාධනා.
පසුගියදා ආරාධනා සිය 4 වන උපන්දිනය සැමරුවා.
උපන්දිනය ඇයට අමතක නොවන දිනයක් කරන්නට චතුරිකා සහ ගයාන් ඇය ආසම ආකාරයට සාදය සංවිධානය කර තිබුණා.
පවුලේ හිතවතුන් පමණක් නෙමෙයි කලා ලෝකයේත් ළගම හිතවතුන් මෙම සාදයට සහභාගී වෙලා තිබුණා.
ඒ වගේම පුංචි දියණීයගේ උපන්දිනය වෙනුවෙන් චතුරිකා සහ ගයාන් ආදරණීය සටහන් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.
එහි ඡායාරූප හා සටහන් පහතින් බලන්න,
මගේ පුංචි දෝනි, මගේ ලස්සන සුරංගනාවිය, අද වගේ දවසක තමයි ඔයා මං ලගට ආවේ. එදා ඉදන් අද වෙනකං, ඔයා අපේ ලෝකේ, මොන තරම් නම් ලස්සන කලාද කියනවානම්, අවුරුදු 4ක් ගෙවුනා අපිට දැනුනෙවත් නෑ. ඔයා වගේ හරිම ආදරණීය, හුරතල් ලස්සන සුරංගනාවියක් ලැබුනු මායි අප්පච්චි, හරිම වාසනාවන්තයි. ඔයා තමයි අපේ පණ… අපේ හුස්ම…. අපේ ජීවිතේ… අපේ හැමදේම…. ඔයාට අවුරුදු 4ක් පිරෙන අද දවසේ, මං මගේ රත්තරං බෝනික්කිට, සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙමෙයි, තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ රැකවරණය , ආශිර්වාදය හා ආරක්ශාව මගේ මැණිකට ලැබෙන්න ඕන. අනාගතේ දවසක, අපේ රටට ජාතියට බරක් නැති, සුන්දර හදවතක් ඇති , ලස්සනම ලස්සන සුරංගනාවියක් වෙන්න ඔයාට ශක්තිය ධෛර්‍යය ලැබෙන්න ඕන. ඒ හැම තැනකදිම, මායි අප්පච්චියි ඔයාගේ පස්සෙන්ම ඉන්නවා. ඔයා මගේ ආයුශත් අරං ජීවත් වෙන්න ඕන මගෙ රත්තරං. ඔයාට බුදු සරණයි. දෙවි පිහිටයි