News Line| Off Air
Generic placeholder image

Sep
15

කඩ කාමරයක් තුළ කාන්තා මළසිරුරක්

736 Views


කඩ කාමරයක් තුළ කාන්තා මළසිරුරක්

දොම්පේ පොලිස් වසමේ ගිරිදර හන්දිය ප්‍රදේශයේ කඩ කාමරයක් තුළ කාන්තාවක් මියගොස් ඇති බවට දොම්පේ පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ගිරිදර හන්දිය ආසන්නයේ ඇති කඩ කාමරයක් කුලියට ගෙන තිබූ පුද්ගලයෙකු විසින් ඔහුගේ මිතුරෙකුට හා එම මිතුරා සමග පැමිණි කාන්තාවකට පසුගිය 13 වන දින රාත්‍රී කාලයේ එහි නවාතැන් ගැනීම සඳහා ලබා දී තිබුණා.

පසු දින පරික්ෂා කිරීමේ දී නවාතැන් ගෙන සිටි කාන්තාව එම කඩ කාමරය තුළ සැකකටයුතු ලෙස මිය ගොස් සිට ඇති අතර අනෙක් පුද්ගලයා සිද්ධියෙන් පසු අතුරුදහන්ව ඇති බවට කඩ කාමරය කුලියට ගෙන තිබූ පුද්ගලයාගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී තිබෙනවා.

මියගිය කාන්තාව වයස අවුරුදු 30ක් පමණ වන අතර ඇයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

දොම්පේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post