News Line| Off Air| Games
Generic placeholder image

Sep
17

මේ සටහන කියවනකොට ඔබටත් මතක් වුණු කෙනෙක් ඉන්නවද?

348 Views


මේ සටහන කියවනකොට ඔබටත් මතක් වුණු කෙනෙක් ඉන්නවද?

අභිෂේකා විමලවීර ගායන ක්ෂේත්‍රයට නැතුවම බැරි හඬක් කිව්වොත් නිවැරදියි.

ප්‍රසංග වේදිකාව තුළ පෙරළියක් සිදුකරන ඇය ලොකු, කුඩා සියලුදෙනාගේ නොමද ආදරයට හිමිකම් කියනවා.

ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි.

ඒ ඇය එයට එක් කරනා ආදරණීය සටහන් නිසා.

ඇය පසුගියදාත් සමාජ මාධ්‍යයට ආදරණීය සටහනක් එක් කර තිබුණා. එයට රසිකයින්ගෙන් බොහෝ ප්‍රතිචාරත් හිමිව තිබුණා.

එම සටහන පහතින් බලන්න,

නිලි වැස්ස……☔️
ජීවිතේ කවද හරි දවසක ඔබට නිලි වැස්ස වගේ මිනිස්සු හමුවෙලා තියෙනවද ?මොකද්ද මේ නිලි වැස්ස?
මං අහල තියෙන විදියට ලංකාවෙ වැහි වර්ග මහ හුගක් තියෙනවා.නිරිත දිග , ඊසාන දිග වැස්සට එහා ගිය අමුතු සිංහල නම් ඒවට දීල තියෙනවා..මතක ඒව කීපයක් කියන්නම්
ගෑනු නටවන වැස්ස,මමම සින්දුවක ලීව මුරුගසන් වැස්ස, අනෝරා වැස්ස,හෝ ගානා වැස්ස..
හැබැයි ඔය හැම වැස්සකටම වඩා නිලි වැස්ස සනීපයි.සුවදායකයි.කිසි බලාපොරොත්තුවක් නැතුවම අපේ ජීවිත වලට හිටපු ගමන් යන්තමට කඩාගෙන වැටෙනවා.රිද්දන්නෙ නෑ.වචනෙකින් හරි ගේන්නෙ සැනසීමක් විතරයි.
බෙහෙත් බිව්වද?කෑවද?අද දවස කොහොමද කියල අහන සාම්ප්‍රදායික ප්‍රශ්න මෙයාල ගාවත් තියෙනවා.ඒත් ඒ ප්‍රේමය ඊට වඩා ප්‍රැක්ටිකල්.එහෙම මිනිස්සු ජීවිතේට හම්බෙන්නෙ එකම එක වතාවක් විතරක් වෙන්න පුළුවන්.සමහර විට ඇස් දෙකට කවදාවත් දකින්නවත් නොලැබෙන බව දැන දැනම ඔවුන් ඒ කැප කිරීම් කරනවා.
ඉතින් මේ සටහන කියවනකොට ඔබටත් මතක් වුණු කෙනෙක් ඉන්නවද? ඉන්නවනම් ඒ නිලි වැස්ස පරිස්සම් කර ගන්න.එහෙම කවුරුවත් නැද්ද ? එහෙනම් ඔයා වැස්සක් වෙන්න.නිලි වැස්සක් වෙන්න….
අභී!


News Articles
Latest Videos
Most Popular Post