News Line| Off Air| Games
Generic placeholder image

Sep
22

ලොවම බිය ගන්වන මාරාන්තික “නිපා” වෛරසය

525 Views


ලොවම බිය ගන්වන මාරාන්තික “නිපා” වෛරසය

කොරෝනා වලින් බැට කෑ ලොව, දැන් තවත් වෛරසක් ගොදුරු කර ගනිමින් සිටිනවා. “නිපා” නමින් හඳුන්වන මෙම නව වෛරසය පළමු වරට මැලේසියාවෙන් වාර්තා වුණා. පසුගියදා ඉන්දියාව පුරා පැතිර ගිය මෙම වෛරසය ලොව පුරා රටවල් රැසක ව්‍යාප්ත වී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලද මේ වනවිට මෙම “නිපා” වෛරසය ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වවුලන් හා ඌරන්‌ගෙන් මිනිසාට බෝවන වසංගත රෝගයක් වන නිපා (nipah) වෛරසය Paramyxoviridae පවුලට අයත් RNA වෛරසයක් වෙනවා. ඒ වගේම මෙම වෛරසය සම්බන්ධව මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ අවධානය යොමුවී තිබෙනවා.

දුර්ලභ හා බොහෝ විට මාරාන්තික රෝගයක් ලෙස සැලකෙන නිපා වෛරස තත්ත්වය 700 කට වැඩි පිරිසකට පැතිරීම හා පුද්ගලයින් දෙදෙනෙකු මිය යාමෙන් පසු දකුණු ඉන්දියාවේ කේරළයේ නිපා වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා පියවර ගනිමින් සිටින අතර එය පැතිරීම වැළැක්වීම සඳහා පාසල් වසා දමා සිය ගණනක් පරීක්ෂා කිරීම් අරඹා ඇතැයි වාර්තා වනවා.
කේරලයේ ප්‍රධාන අමාත්‍ය පිනරායි විජයන්, ප්‍රාන්තයේ කොජිකෝඩ් දිස්ත්‍රික්කයෙන් වෛරසය හඳුනාගෙන ඇති බව ප්‍රකාශ කළ අතර, ප්‍රවේශම් වන ලෙසත්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආරක්ෂිත මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් නිවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.වෛරසය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව ඔහු බදාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 2018 වසරෙන් පසු ප්‍රාන්තයේ මේ සම්බන්ධ සිව්වන ව්‍යාප්තිය සිදුවූ බව දක්වමිනි.

මෙම වෛරසය සඳහා මෙතෙක් නිශ්චිත ඖෂධයක් සොයාගෙන නොතිබීමත් රෝගය වැළඳුනු පුද්ගලයින් අතුරින් 70%ක් මියයාමේ අවධානමක් පැවතීමත් හේතුවෙන් නිපා වඩාත් හානිකර බලපෑමක් සිදුකරන බව වැඩිදුරටත්  වාර්තා වෙනවා.

මෙම වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණ වීමේ අවධානම ඉතා ඉහළ බවත් මෙම වෛරසය ආසාදනය වූවන්ට උණ, දැඩි හිසරදය, නිද බර ගතිය සහ ව්‍යාකූලත්වය මෙන්ම පපුවේ ආසාදන තත්වයන්ද ඇතිවිය හැකි බව අත්දැකීම් ඇති රටවල සෞඛ්‍ය අංශ සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වැඩිරටත් සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post