News Line| Off Air
Generic placeholder image

Latest Posts
Sep
26

බුත්තල යළි සෙලවෙයි

733 Views


බුත්තල යළි සෙලවෙයි

වසරේ ගත වූ කාල සීමාව තුළ ශ්‍රී ලංකාව ආශ්‍රිතව භූ කම්පන 16ක් සිදුවී තිබෙනවා.

ඉන් 3ක් සිදුවී ඇත්තේ මෙරට සාගර කලාපය ආශ්‍රිතවයි.

බුත්තල ප්‍රදේශයේ සිදු වී ඇති භූ කම්පන ප්‍රමාණය 6ක්.

බුත්තල සිදු වූ 6 වැනි භූ චලනය වාර්තා වුණේ ඊයේ (25) රාත්‍රියේ දී

එහි ප්‍රභලත්වය රිච්ටර් පරිමාණ 2.4 ක්

පොළොව මට්ටමේ සිට කිලෝමීටරයක ගැඹුරකින් ඊයේ රාත්‍රී 11 යි 20 ට භූ චලනය හටගෙන ඇති බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ

මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ හා බුද්ධංගල භූ මාපකවල භූ චලනය සටහන් වී තිබුණා.

මොණරාගල අපදා කළමනාකරණ දිස්ත්‍රික් කාර්යාලය ලබා දෙන තොරතුරු සැලකිල්ලට ගෙන පරීක්ෂණ සිදුකිරීම පිලිබඳව තීරණයක් ගන්නා බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ නිල්මිණි තල්දෙන පැවසුවේ.

බුත්තල ප්‍රදේශයේ සිදු වූ භූ කම්පන සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය අවස්ථා දෙකක දී පරීක්ෂණ සිදුකර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 800ක් දකුණු ප්‍රදේශයේ නිර්මාණය වන නව භූ තැටියේ බලපෑමෙන් සුළු භූ චලන සිදු විය හැකි බවට මේ වන විට උපකල්පනය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post