News Line| Off Air| Games
Generic placeholder image

Oct
2

මෙක්සිකෝවේ දේවස්ථානයක වහලය කඩා වැටෙයි

393 Views


මෙක්සිකෝවේ දේවස්ථානයක වහලය කඩා වැටෙයි

මෙක්සිකෝවේ දේවස්ථානයක වහලයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට ආසන්න සංඛ්‍යවක් මිය ගොස් 40කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා.

එසේම තවත් පුද්ගලයන් 30 දෙනෙකු පමණ දේවස්ථානය තුළ සිර වී ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

මෙලෙස වහලය කඩා වැටී ඇත්තේ ( Cuidad Medero හි Santa Cruz ) සියුඩෑඩ් මෙඩේරෝ හි සැන්ටා කෲස් දේවස්ථානයේයි.

මෙම අනතුර සිදු වන අවස්ථාවේ දේවස්ථානය තුළ පුද්ගලයන් 100 දෙනෙකු පමණ සිට ඇති බවයි මෙක්සිකානු ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අතර කුඩා දරුවන් රැසක් සිටින බවට විශ්වාස කරන අතර මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මයි.


News Articles
Latest Videos
Most Popular Post