News Line| Off Air
Generic placeholder image

Oct
5

ලෝක කුසලානය ආරම්භයට පෙර දසුන් ශානක කියපු කතාව

908 Views


ලෝක කුසලානය ආරම්භයට පෙර දසුන් ශානක කියපු කතාව

ලෝක කුසලානය ආරම්භයට ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි.

මෙවර ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය ලබා දෙන්නේ ඉන්දියාවයි.

ලෝක කුසලානය සඳහා සහභාගී වන කණ්ඩායම් 10 නායකයින් සියලුදෙනා ඊයේ අහමාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගනයට රැස් වුණා.

මෙවර තරඟාවලිය ආරම්භ වන්නේ එංගලන්තය හා නවසීලන්තය අතර තරඟයකිනුයි. ඒ 2019 ලෝක කුසලාන අවසන් මහා තරඟාවලිය සිහිපත් කරමින්.

ඒ වගේම ලෝක කුසලාන තරඟාවලියන් ආරම්භ කිරීමට පැය කිහිපයක් තිබියදී කණ්ඩායම් නායකයින් අදහස් පළ කර තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පැවසුවේ මෙවන් අදහසක්,

“බලන්න, අපට උද්යෝගිමත් කාලයක්. අපි පසුගිය කාලයේ ආබාධවලට ලක්වුණා.අපි ලෝක කුසලානය වෙනුවෙන් වෙහෙසුනා, ඒත් එක්කම අපි ළඟ හොඳ වාර්තා කිහිපයක් තියෙනවා. ඔබ දන්නවා කණ්ඩායමක් ලෙස අපි ලෝක කුසලානය බලාපොරොත්තුවෙන් සිටිනවා. හැමෝටම ප්‍රකාශයක් කරන්න අවශ්‍යයි, අපි මෙතන ඉන්නේ මේ තරගාවලියේ හොඳින් දස්කම් දක්වන්න.”


News Articles
Latest Videos
Most Popular Post