ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අද අලුයම කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත විය .
ඔහු රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට අද අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව ඔහුගේ පවුලේ ඥාතීන් සඳහන් කළා.
1958 වසරේ ජූලි මස 08 වනදා රාගම දී උපත ලද ජැක්සන් ඇන්තනී මහතා මිය යන විට 65 වන වියෙහි පසුවූවා.
වැඩසටහන් රූගත කිරීමක් සඳහා අනුරාධපුරයේ ගොස් යළි පැමිණෙමින් සිටියදී තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී ඔහු ගමන් ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටීමෙන් අනතුර සිදුවිණි.
අනතුරින් බරපතල තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා.
මාස 14ක් පමණ එහි ප්‍රතිකාර ලබමින් සිට අද අලුයම එතුමා මිය ගිය බව පවුලේ ඥාතීන් සඳහන් කළා.
ප්‍රවීණ රංගන ශිල්පියෙක්,ගේය පද රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක් මෙන්ම ඉතිහාස විශ්ලේෂකයෙකු ලෙස එතුමා මෙරට කලා ලෝකය තුළ ප්‍රතිභාපූර්ණ හැකියාවන් පෙන්නුම් කළ අතර විශිෂ්ඨ මාධ්‍යවේදියෙකු ලෙසත් හැඳින්විය හැකියි.
මෙරට ප්‍රෞඩ ඉතිහාසය ජාත්‍යන්තරයට රැගෙන ගිය ඔහු රූපවාහිනී සහ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙසත් සිය හැකියාවන් පෙන්නුම් කර තිබුණා.
දෙස් විදෙස් සම්මාන රාශියකට පාත්‍ර වූ එතුමා සිය අත්දැකීම් අනාගත පරපුර වෙනුවෙන් ලබා දීමට අති විශාල කැප කිරීමක් සිදු කළේය.
“පනාපත්‍ර කුහුඹුපැණියා” හෙවත් හෙළ සිනමාවේ අසහය රංග පෞරුෂය ලෙස හැඳින්වෙන ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය මෙරට කලා කෙතට පිරවිය නොහැකි හිඩැසකි.
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා…!!!