News Line| Off Air| Games
Generic placeholder image

Oct
9

පියාගේ අභාවය ගැන සංවේදී වූ මාධවී

1153 Views


පියාගේ අභාවය ගැන සංවේදී වූ මාධවී

රිය අනතුරකට ලක්ව මාස 14ක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ජැක්සන් ඇන්තනී මහතා අද අලුයම අභාවප්‍රාප්ත වූණා.

එතුමාගේ අභාවයෙන් සංවේගයට පත් වූ ඔහුගේ ආදරණිය දියණිය මාධවී ඇන්තනී සිය සමාජ මාධ්‍යය ගිණුමට සංවේදී සටහනක් එක් කර තිබුණා.

“මහ වණේ.. අන්තරා බෝමයි හැම කාලේ
මේ ඉමේ වන හතුරන්ගෙ මරු කටේ
අන විනේ කොයිබදැයි නොදන්නා හේඩාවේ
තව්තිසාවෙ ඉඳන් ඇවිදින් අපිව රැකපාං අප්පුච්චේ
හැන්දෑව පුරන්නට ඉර යන්ට ඕනේ නෑ
මද්දහනත් අන්ධයි හිත ඇතුලේ මගේ
කලිකාල පහු කරං මං එන්නෙ මේ පාරේ
උඹෙ පියවර පස්සෙන්මයි සංසාරේ
තව්තිසාවෙ ඉඳන් ඇවිදින් අපිව රැකපාං අප්පුච්චේ..”
– ජැක්සන් ඇන්තනී (2016)


News Articles
Latest Videos
Most Popular Post