News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

බෙන්නු ග්‍රහකයේ පස්වල පළමු ඡායාරූප මාධ්‍යට(VIDEO)

722 Views


බෙන්නු ග්‍රහකයේ පස්වල පළමු ඡායාරූප මාධ්‍යට(VIDEO)

ඔසයිරිස් රෙක්ස් යානය බෙන්නු ග්‍රහකයෙන් රැගෙන ආ පස් සාම්පලයේ පළමු ඡායාරූප මාධ්‍යට නිකුත් කිරීමට නාසා ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඔසයිරිස් රෙක්ස් යානය මීට දින 17 කට පෙරයි පෘථිවිය වෙත පැමිණියේ.

එමඟින් රැගෙන ආ බෙන්නු ග්‍රහකයේ පස් සාම්පල ටෙක්සාස්හි විශේෂ විද්‍යාගාරයක පරීක්ෂා කරනු ලබනවා.

දින තුනක විශ්ලේෂණයකින් පසු හෙළි වී ඇත්තේ එම කළු පැහැති පස් තුළ කාබන්, ජලය සහ ඛනිජ පවතින බවයි.

නාසා ආයතනයේ පරිපාලක බිල් නෙල්සන් පවසා ඇත්තේ මිනිසුන් යනු කවුද, මිනිසාගේ පැවැත්ම සහ මිනිසා නිර්මාණය වූයේ කෙසේද යන්න සෙවීම සඳහා උත්සහ කරන බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post