News Line| Off Air| Games
Generic placeholder image

Oct
14

තාත්තා වෙනුවෙන් පියුමි කළ පිංකම

390 Views


තාත්තා වෙනුවෙන් පියුමි කළ පිංකම

පියුුුමි බොතේජු කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

මෑතකදී ඇගේ පියා මෙලොවින් සමුගත්තා. ඒ රෝගාතුරව සිටීම නිසාවෙන්.

ඔහුගේ නික්ම යාම පිළිබඳව පියුමි නිතර සමාජ මාධ්‍යයේ සංවේදී සටහන් තබනවා. ‍පසුගිය දවසක පියා වෙනුවෙන් ඇය සිදුකළ පිංකමක් සහ ඒ වෙනුවෙන් ඇය සටහනක් තබා තිබුණා.

එහි ඡායාරූප හා සටහන පහතින් බලන්න,

”තාත්තේ……….

මං ඒක කලා. ඔයා වෙනුවෙන් මං කරන්න ආසාවෙන් හිටපු දේ, මතු බුදුවන මෛත්‍රී බෝසතානන්ගේ පිළිමය සම්බුදු සසුනට පුජා කලා.

ඔයා දන්නවනේ තාත්තේ මං හිතුවොත් දෙයක් කරනවාමයි කියලා. ඔයාගේ ආශිර්වාදය හැමදාමත් මට තියෙනවා කියලා මං දන්නවා. ඔයා අපිව දාලා ගිහින් අවුරුද්දක් පිරෙන කොට මං මට පුලුවන් හොදම දේ ඔයාට පිං ලැබෙන්න කලා………

මේ හැමදෙයක් දිහාම ඔයා හොද තැනක ඉදන් බලා ඉන්නවා කියලා දන්නවා.

මේ පිළිම වහන්සේට මලක් පහනක් පුජකරන වාරයක් පසා මගේ රත්තරං තාත්තට ඒ පිං අනුමෝදන් වෙත්වා

මේ පිංකමට සහබාගිවුන වචනෙකින් පවා මාව දිරිමත් කරපු හැමකෙනෙක්ටම නිදුක් නීරෝගී බවම ලැබේවා

පිංකම දකින අයගේ සිත් නිවෙන්නට අලංකාරවත්ව සකසා දුන්නු ඩිලාට

බෝසතානන් වන්දනා කරන්නන්ගේ සිත් පහන් වන ආකාරයට නිමවා දුන් රංගබුද්ධ අයියටත්…

පිංකම වචනයෙන් වෙනමම හැඩයක් අරන් දුන්නු අසංග අයියටත්

පිංකම දැක බලා සතුටු වෙන්නට ලස්සන පින්තුර එකතුවක් එක් කරපු කල්ප මල්ලීටත් ඉන්දික ප්‍රභාත් අයියටත්

තැන් කීපයක අවශ්‍ය විදිහට ප්‍රනීත ආහාරයෙන් සංග්‍රහ කරපු සුපර් කේටස් දුෂාන් මල්ලීටත්

බෝසත් කුටිය අලංකාරව වැස්ස නොතකා වැඩ නිමකරවා දුන් ලුවිස් අයියා ඇතුලු බාසුන්නැහේලාටත්

විදුරු කුටිය නිමවා දුන් ඉරෝෂ්ටත් බොහෝම පිං.. සිතන පතන සියලු දේ සාර්ථක වේවා!!


News Articles
Latest Videos
Most Popular Post