News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
25

ශ්‍රී ලාංකික යුවලකට මැලේසියාවේදී දිවි අහිමි වෙයි – පුංචි දියණිය තනිවෙයි

1701 Views


ශ්‍රී ලාංකික යුවලකට මැලේසියාවේදී දිවි අහිමි වෙයි – පුංචි දියණිය තනිවෙයි

අපේ රටේ ජනතාව අද ගොඩක් අසරණයි.

වසර ගණනක් නිදහස් අධ්‍යපනයෙන් ඉගෙන ගෙන, තමන් උපන් මේ රටේ ඉතිරි ටික කාලය ගෙවන එකත් අද ගොඩක් දුෂ්කර කාර්යක්.

සශික රංගොඩ සහ ශාමෙලා රංගනී යනු මෘදුකාංග ඉංජිනේරුවරයෙක් සහ ඉංජිනේරුවරියක්.

ඔවුන් ගාල්ල වදුරව සහ ඉමදූව යන ප්‍රදේශවල පදිංචි විවාහක යුවලක්.

පසුව මොවුන් දෙදෙනා සිව් හැවිරිදි දියණියත් සමඟ මැලේසියාවේ ආයතනය සේවය සඳහා ගොස් තිබුණා.

සති අන්තයේ රාත්‍රියේ ඔවුන් පිටතට ගොස් යළි පැමිණෙමින් සිටියදී අනතුරක් සිදුව තිබෙනවා.

ඔවුන් ගමන් කරමින් සිටි යතුරුපැදිය වේගයෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව තිබෙනවා.

එම අනතුරෙන් සශික රංගොඩ සහ ශාමෙලා රංගනීට එම ස්ථානයේදීම දිවි අහිමි වුණා.

ඔවුන් සමඟ සිටි සිව් හැවිරිදි දියණිය සුළු තුවාල ලබා මේ වන විට මැලේසියාවේ තනිවෙලා.


News Articles
Latest Videos
Most Popular Post