මධුමාදව අරවින්ද කියන්නේ මුහුණු පොතේ සක්‍රීය චරිතයක්.
ඔහුගේ පියා තමයි ප්‍රවීන ගායන ශිල්පියෙකු මෙන්ම ප්‍රසිද්ධ ගී පද රචකයකු වන සුනිල් සිරිවර්ධනයන්.
තාත්තාගේ අවසන් කැමැත්ත පිලිබදව, ඡායාරූපයක්ද සමග මධුමාදව ඊයෙ දින මුහුණු පොතට සටහනක් එක් කර තිබුණා.
මේ එම සටහයි….
”තාත්තගෙ අවසන් කැමැත්ත
බොහෝ අය විමසල තිබ්බ…
ඇත්‍තටම එහෙම තමන්ගෙ විදිහට අවසානය වෙන්න ඕනෙනම්… එහෙම නීතිය ඉස්සරහ එය ලියල තියන්න…
(ඔබ කැමති නම් පමනක්)
එය ලොව ප්‍රභලතම ලියවිල්ලකි.
කිසිවෙකුට කරදරයක් නොවෙන්න..
ආව වගේම යන්න… ඔහු ඉල්ලල තිබ්බෙ.
එක පිටුවකින්.
ඒ පිටුව අස්සෙ පොතක් තිබුනා.. හුගක් බර.
මමත් නිලුත් විවාහ වෙන්න කලින්..
2017 එයා ඒක ලියල.. එයා ගිය හැටි…
කියා දෙන්න මට මා හැර ගිය හැටි
තාමත් ඒ ගැන දන් නෑ මන්…
හැබැයි එකක් දන්නව මන්…
ඉන්න කොට ආදරේ දෙන්න..
ඔබට ඕනෙ විදිහට…
මැරුනම යන්න දෙන්න..
මට ඕන විදිහට…
ඒ ඔහු මට කියාදුන්න අන්තිම පාඩමයි.”