News Line| Off Air| Games
Generic placeholder image

Nov
9

එයාලාගේ යෝධ පාදයා ගැන මාධවී එක් කළ සටහන

413 Views


එයාලාගේ යෝධ පාදයා ගැන මාධවී එක් කළ සටහන

ඇය ඇන්තනී පවුලේ වැඩිමහල් දියණියයි. කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක්.

මාධවී සමාජ මාධ්‍යයේත් ඉතා සක්‍රීයයි.

පසුගියදා ඇය සිය වැඩිමහල් සහෝදරයා වන අකිල ගැන සමාජ මාධ්‍යයට සටහනක් එක් කර තිබුණා. ඒ ඇය පසුගියදා ඇගේ පෙම්වතා සමග ජීවිතයේ අලුත් පියවරක් තැබුවා. ඒ ඇරඹුමට හදවතින් පුබ පතමින් අකිල එදා මහන්සි වූ ආකාරය මාධවී වචන වලට පෙරලලායි.

සටහන හා ඡායාරූප පහතින් බලන්න,

“එතන හැමදාම වගේ මුල්තැන ගත්තේ ලොකු මල්ලි ජේසු පවුලයි, අප්පච්චියි, යාලුවෝ සෙට් එකත් එක්කන් අපිව ඉස්සර කරන් මේ අලුත් ඇරඹුම ගන්න යෝධ හයියක් වුනේ අපේ “යෝධ පාදයා”. ජිම් එකේ බර උස්සනවා දැකලා තිබ්බට කවදාවත් මං දැකලා තිබ්බෙ නෑ ලොකු මල්ලි ඇඳුම් නවනවා, කොස්සක් අරන් අතුගානවා, මකුළුදැල් කඩනවා. ඒ වගේම ඒමි නංගි පුංචි කුකීව කුසේ දරාගෙන, ඉදිමුනු දෙපා සහිතව, දූවිල්ලෙන් හෙම්බිරිස්සාව හදාගෙනත් මට හුඟක් උදව් කළා. අපි විහිලුවටත් කියන්නෙ ගෙවල් හැඩකරන හැටි ගැන උපාධියක් හිමි ඒමි කියලනෙ. මොකද ඇත්තටම ඒමිගේ උපාධිය ගෘහනිර්මාණ ශිල්පයේ interior designing ගැන නිසා. කොහොමහරි අන්තිමට චුංගි නෝනා ආසාව වැඩි කමට ආපහු යන්න බෑ කියලා අඬන තැනටම වැඩේ ලස්සනට වුණා…”


News Articles
Latest Videos
Most Popular Post